අකුරු ගැන

අකුරු කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කළ හැකි ඇන්ඩ්‍රොයිඩ් යතුරුපුවරුවකි. මෙමගින් ඔබට සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම යතුරුලියනය කළ හැක. සිංහල යතුරුලියනය විජේසේකර ක්‍රමය හෝ ශබ්දානුකූල අකුරු ක්‍රමය භාවිතා කරමින් සිඳුකළ හැක. අකුරු හරහා ඔබට ඔබගේ හඬ උපයෝගී කරගෙන භාෂා ත්‍රිත්වයෙන්ම යතුරුලියනය කිරීමේ හැකියාව ලබා දෙයි. අකුරු ඉතා බලසම්පන්න වචන පුරෝකථනය කිරීමේ පද්ධතියකින්ද සමන්විත වෙයි. මීට අමතරව අකුරු සතුව ඉතා විශාල එමොජි හා සංකේත සංඛ්‍යාවක් පවතී. සජීවීකරන පින්තූර ඇතුළත් කිරීම සඳහාද අකුරු යතුරුපුවරුව සහාය දක්වයි.

සිංහල යතුරුලියනය

සිංහල යතුරුලියනය කිරීම විජේසේකර ක්‍රමය හෝ ශබ්දානුකූල අකුරු ක්‍රමය භාවිතා කරමින් සිඳුකළ හැක. ඔබට පහසු ක්‍රමය තෝරාගැනීම යතුරුපුවරුවේ සැකසුම් වලට පිවිසීමෙන් සිඳුකළ හැක.

හඬ මගින් යතුරුලියනය

මෙමගින් ඔබට භාෂා ත්‍රිත්වයෙන්ම හඬ මගින් යතුරුලියනයට අවස්ථාව සළසා දේ. මයික්‍රෝෆෝන අයිකනය මත එක්වරක් ක්ලික් කිරීමෙන් පසු ඔබට කතා කිරීම ආරම්භ කළ හැක.

බැටරි බලය සුරැකීම

මෙමගින් ඔබට අවශ්‍ය අවස්ථාවන් වල දී බැටරිබලය සාපේක්‍ෂව වැඩිපුර භාවිතා කරන සේවා (පින්තූර තේමා, වයිබ්‍රෙට්, ශබ්ද, වොයිස් ටයිපින්, සජීවීකරණ ආදිය) නවතා දමා බැටරි බලය ඉතිරිකර දේ.
ස්වයංක්‍රීය බැටරි බලය සුරැකීමේ ක්‍රමය සක්‍රීය කර ඇති විට බැටරිය නම් කළ අගයට වඩා පහළ බසින විට මෙය සක්‍රිය වේ. නැතිනම් ඔබට අවශ්‍ය ඖනෑම අවස්ථාවක මෙම ක්‍රමය සක්‍රිය කිරීමේ හැකියාව ද ඇත

වෙස්වලා ගැනීම (Incognito mode)

අකුරු යතුරුපුවරුව ඔබ මුරපද ඇතුළත් කරන අවස්ථා හැර අන් අවස්ථාවලදී ඔබ යතුරුලියනය කරනු ලබන වචන ගබඩාකර පසුව ඔබ නැවත යතුරුලියනය කරන විට ඔබට පහසුවන පරිදි එම වචන අනුමාන කර යෝජනා කිරීම සිඳුකරයි.
මෙම ක්‍රමය සක්‍රියව ඇති විට යතුරුපුවරුව ඔබ යතුරුලියනය කරන වචන කිසිවක් ගබඩා කර නොගනු ඇත.

විශේෂතා